මහජන උපයෝගිතා කොමිසමට නව සාමාජිකයෙක් පත්කෙරේ

dd1aa202-pucsl_850x460_acf_cropped

මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයෙකු ලෙස ඩග්ලස් එන්. නානායක්කාර පත්කර තිබෙනවා.

එම කොමිෂන් සභාවේ සාමාජිකයින් ලෙස කටයුතු කළ මොහාන් සමරනායක සහ බී.කේ.යූ.ඒ. වික්‍රමසිංහ පසුගියදා එම තනතුරුවලින් ඉල්ලා අස්වීමට කටයුතු කර තිබුණා.

ඒ අනුව ඔවුන්ගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ තනතුරු වලින් එක් පුරප්පාඩුවක් සඳහා රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියෙක් වන ඩග්ලස් එන්. නානායක්කාර මුදල් අමාත්‍යාංශය විසින් පත් කර ඇති බවයි සඳහන් වන්නේ.