විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් 2022 වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 3,789 ක් මෙරටට ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් 2021 වසරේදී ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය සටහන්වී ඇත්තේ ඩොලර් මිලියන 5,491 ක් ලෙස බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.
ඒ අනුව 2021 ට සාපේක්ෂව 2022 දී ප්‍රේෂණ 31.0% ක අඩුවීමක් පෙන්නුම් කළද 2022 වසරේ අග භාගයේදී ප්‍රේෂණ කැපී පෙනෙන ලෙස යථා තත්ත්වයට පත්වීමක් පෙන්නුම් කරන බවයි මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

