සෑම රාජ්‍ය ආයතනයකම සේවක සංඛ්‍යාව අඩුකිරීම මේ දිනවල සිදු කෙරෙමින් පවතින බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ඵලදායි නොවන සේවකයින් ස්වයං විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදය ද මේ වනවිට ක්‍රියාවට නංවා ඇති බවයි අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
මහ භාණ්ඩාගාරයේ උපදෙස් පරිදි සෑම අමාත්‍යංශයකම වියදම් අඩුකිරීම සඳහා චක්රලේඛනගත ගිවිසුමකට අමාත්‍යාංශ ලේකම්වරු බැඳී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

