කළු විරෝධතා සතියේ ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡාවක​ට වෘත්තීය සමිති අද හමුවෙයි

Student-Protest

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින්ගේ විශේෂ හමුවක් අද (30) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සඳහන් කළේ, මෙම හමුව සඳහා වෘත්තීය සමිති 30ක පමණ නියෝජිතයින් පිරිසක් සහභාගි වීමට නියමිත බවයි.

රුපියල් ලක්ෂය ඉක්මවන මාසික ආදායම් මත 6% සිට 36% දක්වා බදු අයකරන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වහා හකුලා ගන්නැයි බලකරමින් පසුගිය සතියේ ක්‍රියාත්මක කළ කළු විරෝධතා සතියේ ඉදිරි පියවර පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.