ජනක රත්නායක PUSL සභාපති ධුරයෙන් ඉවත් කිරීමට චෝදනා පත්‍රය සකස් කර අවසන් – කංචන

kanchana-janaka

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම ධූරයෙන් ඉවත් කිරීමට අදාළ චෝදනා පත්‍රය මේ වන විට සකස් කර අවසන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

පාර්ලිමේන්තුව ආරම්භ වන 8 වනදායින් පසු පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනයේ ඊට අදාළ කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.