ශ්‍රීලනිපයේ සභාපති ධූරය නැවතත් මෛත්‍රීට

Maithripala-Sirisena-SLFP-May-Day-Rally-2018
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත පත් කරනු ලැබ තිබෙනවා.
එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේදී මෙම පත් කිරීම සිදු කෙරුණු බවයි.
ජනාධිපතිවරණයට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් තාවකාලිකව ඉවත්වුණා. ඒ, ජනාධිපතිවරණයේදී ස්වාධීනව සිටීමේ අපේක්ෂාවෙන්.