බොස්ටන් කියූ පරිදි එජාපයේ ප්‍රබලයන් පොහොට්ටුවට එක්වෙයි

47878
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීම සඳහා අද එක් වුණා.
අද කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී තමන් ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන බව ඔහු මෙලෙස සඳහන් කළා.
මෙම මාධ්‍ය හමුව සඳහා ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතා සමග තවත් පොදු පෙරමුණේ සාමාජිකයින් එකතු වෙලා සිටියා.
බොස්ටන් අපට එජාපයේ ප්‍රබලයින් පිරිසක් පොහොට්ටුවට එකතු වන බව වාර්තා වුණා . ඒ අනුව අප ඒ පිළිබදව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගෙන් කල විමසුමේදී ඔහුද එය ප්‍රත්‍යක්ෂ කළා.
කෙසේ වෙතත් මෙම පිල් මාරුව ගැන විපක්ෂයේ ප්‍රබලයින් කිහිප දෙනෙකු හා එජාපයේ කිහිප දෙනෙකු අතර සාකච්චා සාර්ථක වී තිබෙනවා. ඒ අනුව තවත් කිහිපදෙනෙක් මෙලෙස එක වීමට නියමිත බවත් සදහන්.