අගලවත්ත ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ලෙස කටයුතු කළ ඉන්දික ජයලත් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
සිය තීරණයට හේතු දක්වමින් සභාපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් ඔහු මේ බව දැනුම්දී ඇත.
අගලවත්ත නාගරික සැලසුම අසාර්ථක කිරීම, අගලවත්තට අධිකරණ සංකීරණයක් ගෙන ඒම සහ නව පොලිස් ස්ථානය සඳහා අවකාශ ලබා නොදීම, යටියන ප්‍රදේශයේ වෙළෙඳ මධ්‍යස්ථානයක් පිහිටුවීම අසාර්ථකවීම, ආපදා කලමණකාකරණ ගොඩනැලිල්ල ඉවත් නොකිරීම යනාදී කරුණු රැසක් ඔහු එම ලිපියේ සඳහන් කර තිබේ.
එමෙන්ම මුදල් හා ප්‍රතිපත්ති කාරක සභාව සහ කාර්මික සේවා කාරක සභාවෙන් ඉල්ලා අස්වන බවද එම ලිපියෙන් වැඩිදුරටත් දැනුම් දී ඇත.
“ජනතා මනාපය මට ලබා දුන්නේ පෑගෙන පිඩිත පන්තිය විසිනි. ඔවුන්ගේ දහදිය කදුළු මත්තෙන් පැමිණි ගමන් මගේදී ඔවුන් වෙනුවෙන් මා හට දැනෙන වෙනසක් කළ නොහැක්කේ නම් පුටුව බදාගෙන සිටීම පාපයකි.
මා මේ මොහොතේ සිට උප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන්නේ එය ශාපයක් දක්වා දුර ගෙන යාම මගේ අභිප්‍රාය නොවන හෙයිනි. එහෙයින් අද සිට ක්‍රියාත්මක වෙන පරිදි මම, අගලවත්ත ප්‍රාදේශීය සභාවේ උප සභාපති තනතුරෙන් ඉල්ලා අස්වෙමි” යනුවෙන් ඔහු එම ලිපියේ දක්වා ඇත.

