භෞත චිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදී තිබේ.
ඒ අනුව ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ සහ ඝාතනයට සහයෝගය ලබා දුන් බව කියන කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.
ප්‍රධාන සැකකරු, සැකකරුගේ බිරිඳ සහ දරුවා වැල්ලවත්තේ සිට යාපනේ දක්වා ධාවනය වූ බස් රථයේ ගමන් කරමින් සිටියදී වලාන දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් යාපනේ කයිතඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.
ඉන් අනතුරුව සැකකාර අඹුසැමි යුවළ නුවරඑළිය පොලිසිය වෙත ඊයේ (24) දින භාර දෙනු ලැබූහ.
මේ අතර මෙම සිද්ධියට සහයෝගය දැක්වූ බව කියන කුණඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරු නුවරඑලිය පොලිසියේ නිළධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
ඊට අනුබල දුන් ආරක්ෂක අංශ නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා නුවරඑළිය පොලිසියෙන් කණ්ඩායමක් මෙහෙයුමක් ආරම්භ කර ඇත.

