බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය බලප්‍රදේශ රැසක ජනතාවට ඉඩම් බලපත්‍ර 10,731ක් ප්‍රදානය කිරීම ඊයේ (19) දින සිදු විය.
ඒ, ඌව පළාත් ඉඩම් බලපත්‍ර 10,000 වැඩසටහනට සමගාමීවය.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ, ඌව පළාතේ දීර්ඝ කාලයක සිට ඉඩම් බලපත්‍ර නොමැතිව ඉඩම් භුක්ති විඳිමින් සිටි ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීමේ අරමුණින්ය.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සහ ඌව පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව බදුල්ල දිස්ත්‍රික්කය පුරා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබයි.
ඒ අනුව රිදීමාලියද්ද, මහියංගණය, සොරණාතොට, මීගහකිවුල සහ කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බලප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ඉඩම් බලපත්‍ර ලබාදීම සිදු කෙරිණි.
එහිදී රිදීමාලියද්ද ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ප්‍රතිලාභීන් 744 දෙනෙකුට, මහියංගනය ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ප්‍රතිලාභීන් 451 දෙනෙකුට, සොරණාතොට ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ප්‍රතිලාභීන් 246 දෙනෙකුට, මීගහකිවුල ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ප්‍රතිලාභීන් 229 දෙනෙකුට, කන්දකැටිය ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ප්‍රතිලාභීන් 141 දෙනෙකුට සහ බදුල්ල ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ප්‍රතිලාභීන් 30 දෙනෙකුට නිල වශයෙන් ඉඩම් බලපත්‍ර ප්‍රදානය කිරීම සිදු විය.

