මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසු දරුවන්ට විභාගය සඳහා මුහුණ දීමට ඇති කාල සීමාව අඩු වීම සම්බන්ධව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.
සිය X ගිණුමේ සටහනක් තබමින් දිලිත් ජයවීර මහතා සඳහන් කර ඇත්තේ මෙම සිදුවීම සම්බන්ධව රජය විසින් උසස් පෙළ දරුවන් වෙනුවෙන් කිසිදු සංවේදීතාවයක් නොමැතිව කල් මැරීම පිළිබඳව තමන් දැඩිව කම්පා වන බවය.
සාමාන්‍යයෙන් උසස් පෙළ දරු දැරියන්ට විභාගට මුහුණ දීම සඳහා මාස 26 කාලයක් හිමි විය යුතු බවත් පෙන්වා දෙන දිලිත් ජයවීර මහතා සඳහන් කර ඇත්තේ වත්මන් රජය මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ගේ කාලයෙන් මාස 6ක් උදුරා ගනිමින් අගෝස්තු මාසයේදී උසස් පෙළ විභාගය පැවැත්වීමට තීරණය කර ඇති බවය.
ඒ අනුව මේ පිළිබඳව අවධානය යොමු කර මෙම සිසු දරු දැරියන්ට සාධාරණය ඉටු කර දෙන ලෙසත් දිලිත් ජයවීර මහතා සඳහන් කර තිබේ.
මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු 10 වන දින සිට සැප්තැම්බර් 05 වන දින දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණි.
දිලිත් ජයවීර මහතා යොමු කළ X පණිවිඩය පහතින්,
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ රජය විසින් අ.පො.ස උසස් පෙළ දරුවන් පිළිබඳ කිසිඳු සංවේදිතාවයක් නොමැතිව කල් මැරීම පිළිබඳව දැඩිව කම්පා වෙමි.
සාමාන්‍යයෙන් උසස් පෙළ ශිෂ්‍යයෙකුට සිය විෂය නිර්දේශය අවසන් කරමින්, විභාගයට සුදානම් වීම සඳහා මාස 26 ක පමණ කාලයක් හිමි විය යුතුය.
නමුත් මාලිමා…
— Dilith Jayaweera (@Dilith_J) June 12, 2026

