හිටපු ජනපති රනිල්ගේ ප්‍රධානත්වයෙන් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි…..

News Iamges.00_00_00_00.Still2754

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පස්වරුවේ පැවැත්වුණි.

පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් බහුතරයකගේ සහභාගීත්වයෙන් පැවති මෙම රැස්වීමේදී වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිචාරය හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව පුළුල් සාකච්ඡාවක් සිදුකර ඇති බව වාර්තා වේ.

එහිදී පක්ෂ සංවිධානය යළි ශක්තිමත් කිරීම සහ ප්‍රතිසංවිධානය කිරීම සඳහා ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වැදගත් යෝජනා සහ අදහස් රැසක් ඉදිරිපත් කර ඇත.

තවද අනෙකුත් දේශපාලන පක්ෂ, බලවේග සහ සිවිල් සංවිධාන සමඟ ඉදිරියේදී සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව ද කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් දැනුවත් කර තිබේ.

රැස්වීම අමතමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත්තේ තනි තනිව කටයුතු කිරීම වෙනුවට විවිධ බලවේග එක් කරගනිමින් ඉදිරි දේශපාලන අභියෝගවලට මුහුණදීමේ අවශ්‍යතාවය බවයි.

මේ අතර පක්ෂයේ විනය නීති රීතිවලට පටහැනිව කටයුතු කළ පළාත් පාලන ආයතන නියෝජිතයින් සම්බන්ධයෙන් ගෙන ඇති විනය ක්‍රියාමාර්ග පිළිබඳව පක්ෂ මහලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මහත්මිය කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත කරුණු ඉදිරිපත් කළ බවද වාර්තා වේ.