රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අද (08) පස්වරු තුනට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයේදී එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
එහිදී මහ භාණ්ඩාගාරය විසින් තෙවන පාර්ශ්වය වෙත ගෙවන ලද අමෙරිකානු ඩොලර් මිලියන 2.5 සම්බන්ධයෙන් මුදල් ලේකම්වරයා ඉදිරිපත් කළ වාර්තා සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
ඒ සඳහා මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියපෙරුම මහතාට සහ මහබැංකු අධිපති ආචාර්යය නන්දලාල් වීරසිංහ මහතාට ද රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇති බව සඳහන්ය.
භාණ්ඩාගාරය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තෙවන පර්ශවයක් වෙත ගෙවූ බවට කියන සිදුවීම සම්බන්ධයෙන් මුදල් පිළිබඳ කාරක සභාව මහා භාණ්ඩාගාරයෙන් වාර්තාවක් කැඳවා තිබිණි.
එම වාර්තාව පසුගිය සතියේදී පාර්ලිමේන්තුව වෙත යොමු කර තිබූ බවත් ඉන් අනතුරුව එහි පිටත් කාරක සභා මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරුන්ට බෙදා දුන් බව හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

