සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව විසින් දේශීය ගොවීන්ගෙන් අර්තාපල් කිලෝග්‍රෑම් 1,000 බැගින් සෘජුව මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, එම තොග සීමාසහිත ලංකා සතොස සමාගම වෙත ලබාදී එහි සිල්ලර අලෙවි ජාලය හරහා පාරිභෝගිකයින් වෙත නිකුත් කිරීමට සැලසුම් කර ඇත.
දේශීය අර්තාපල් ගොවීන් ආරක්ෂා කිරීම සඳහා රජය විසින් මේ වනවිට ආනයනික අර්තාපල් මත කිලෝග්‍රෑමයකට රුපියල් 80ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් ද පනවා තිබේ.
නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල අස්වනු නෙළීම ආරම්භ වීමත් සමඟ අතරමැදියන් සහ තොග වෙළෙන්දන් විසින් අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 200ත් 220ත් අතර ගොවිපළ මිලක් නියම කර ඇති බව සඳහන්ය.
ඉදිරි දිනවල අස්වනු ප්‍රමාණය ඉහළ යාමත් සමඟ මිල ගණන් උච්ඡාවචනය විය හැකි බැවින්, දේශීය සැපයුම ආරක්ෂා කිරීම සහ ගොවීන්ට ස්ථාවර වෙළෙඳපොළක් ලබාදීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.
මෙම ඒකාබද්ධ යෝජනාව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.

