සොල්දරයෙන් ඇද වැටුණු පියාට යටවී තුන් හැවිරිදි දරුවෙකු අවාසනාවන්ත ලෙස ජිවීතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ ගම්පොළ නාරන්විට ආඩියාකඩවත පිහිල්ලදෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටි තුන් හැවිරිදි පිරිමි දරුවෙකි.
නිවසේ සොල්දරයෙහි තිබූ වතුර බටයක් ගැනීමට පියා ඊට නැග ඇති අතර එම අවස්ථාවේ දී ඔහුගේ පිටුපසින් පැමිණි දරුවා පහළට වී බලා සිට ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම අවස්ථාවේ දී සොල්දරයේ ලෑල්ලක් ගැලවීම හේතුවෙන් පියා දරුවා මතට ඇඳ වැටී ඇති බව වාර්තා වේ.
එහිදී තුවාල ලැබූ පියා සහ පුතු ගම්පොළ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් දරුවා මියගොස් සිට ඇති බව ද සඳහන්.
තුවාල ලැබූ පියා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
ගම්පොළ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

