දක්ෂිණ අධිවේගයේ අනතුරක්……

News Iamges.00_00_00_21.Still2319

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ ගැලනිගම අන්තර් හුවමාරු මධ්‍යස්ථාන අතර ප්‍රදේශයේදී බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් රිය අනතුරක් සිදුව ඇති බව පොලීසිය පවසයි.

මෙම අනතුර හේතුවෙන් කොළඹ දෙසට ධාවනය වන මංතීරුවේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර, එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තා වේ.