ඊයේ (18) පස්වරුවේ එප්පාවල නබඩවැව පාළම අසල දිය නෑමට පැමිණි පුද්ගලයකුට වැව තුළ තිබී මෙම අත්බෝම්බය හමු වී ඇති අතර, ඒ පිළිබඳ එප්පාවල පොලීසිය දැනුම්වත් කර ඇත. ඒ අනුව අදාළ බෝම්බය ඇති ස්ථානයට එප්පාවල පොලිස් ස්ථාන නිළධාරීන් ආරක්ෂාවට යොදවා තිබූ අතර, මේ පිලිබඳව තඹුත්තේගම මහේස්ත්රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු, එම අත් බෝම්බය මහජනතාවට පීඩාවක් හෝ හානියක් නොවන ලෙස විනාශ කරන ලෙස විශේෂ කාර්ය බලකාය කැඳවා විනාශ කර දමන ලෙස නියෝග කර තිබිණි.
ඒ අනුව එම අත්බෝම්බය අනුරාධපුර විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්රීය අංශ නිළධාරීන් පැමිණ සුරක්ෂිතව එප්පාවල කොන්වැව ඉහළ පිහිටි රක්ෂිතයට රැගෙන ගොස් අද (19) පස්වරුවේ පුපුරුවා විනාශ කරනු ලැබීය.
මෙම අත්බෝම්බය විදේශීය රටක නිෂ්පාදිත අත්බෝම්බයක් බව විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් පැවසූහ.

