ස්වභාවික රූපලාවන්‍ය ආලේපන බව අඟවමින් ප්‍රමිතියෙන් තොර ක්‍රීම් වර්ග නිෂ්පාදනය කළ ආයතනයක් වැටලීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සමත්ව තිබෙනවා.
මෙම නිෂ්පාදන දිවයිනේ විවිධ ප්‍රදේශවල පවත්වාගෙන යනු ලබන කුළුබඩු උද්‍යානය (spice garden ) වෙත ලබා දී අලෙවි කර ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රමිතියෙන් තොර ක්‍රීම් වර්ග සැකසූ මෙම නිෂ්පාදනාගාරය මාතලේ කවුඩුපැළැල්ල ප්‍රදේශයේදී අද (07) වටලනු ලැබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.
කිසිදු ප්‍රමිතියකින් තොර ක්‍රීම් වර්ග අධික මිල ගණන් යටතේ විදේශිකයින්ටද අලෙවි කර ඇති බවයි වාර්තා වන්නේ.
මාවනැල්ල ප්‍රදේශයේ කුළු බඩු ආශ්රිත ස්ථානයක් වැටලීමෙන් පසුව ලද තොරතුරකට අනුව මෙම කර්මාන්තශාලාව වැටලීමට පියවර ගෙන තිබුණා.

