දිගින් දිගටම නුවරඑළිය මහ නගර සභාවේ වැරදි මාධ්‍ය අරහා පෙන්වා දෙන
බැවින් මෙවර වසන්ත උත්සවය සමාරම්භක උත්සවයට මාධ්‍යවේදීන්ට
ආරාධනා නොකිරීම පිළිබඳව නුවරඑළිය ක්‍රියාකාරී ප්‍රාදේශීය මාධ්‍යවේදීන්
සිය අප්‍රසාදය ප්‍රකාශ කරයි .
දැනට වසර 25 කට ආසන්න කාලයක් අප්‍රේල් වසන්ත සමය වෙනුවෙන්
නුවරඑළිය නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන්
නුවරඑළිය මහ නගර සභාව විසින් සංවිධානය කරනු ලබන වසන්ත
සැණකෙළියේ සමාරම්භක උත්සවය සජීවී විකාශයේ සඳහා රාජ්යනාලිකාවට
ඇරයුම් කරන අතර මාධ්‍ය ආවරණ කටයුතු සඳහා සෑම මාධ්‍ය ආයතනයක්ම
නියෝජනය කරන මාධ්‍යවේදීන්ට ආරාධනා කරනු ලබයි ,
එසේ නමුත් මෙම වර්ෂයේදී මාධ්‍යවේදීන් කිසිවෙකුට වසන්ත සැණකෙළි
සමාරම්භක උත්සවයට ආරාධනා කර නොමැති අතර එයට හේතුව වශයෙන්
නාගරික මන්ත්‍රීවරුන්ගෙන් කිහිප දෙනෙකුගෙන් විමසන විට ඔවුන් කියා සිට
ඇත්තේ දිගින් දිගටම මහ නගර සභාවේ වැරදි පෙන්වාදීමට ඇතැම්
මාධ්‍යවේදීන් කටයුතු කරන බැවින් මෙවර පොදුවේ මාධ්‍යවේදීන්ට ආරාධනා
කිරීම ප්‍රතික්ෂේප කළ බවයි ,
නුවරඑළිය සංචාරක කර්මාන්තයේ අපි දියුණුව වෙනුවෙන් වසන්ත
සැණකෙළියේ සමාරම්භක උත්සවය මෙන්ම සෑම අවස්ථාවක්ම මාධ්‍ය ආවරණ
කටයුතු කිරීමට මාධ්‍යවේදී මෙතෙක් කටයුතු කර ඇති අතර මහ නගර සභාවේ
වැරදි පෙන්වාදීම හේතු කොටගෙන මාධ්‍යවේදීන්ට ආරාධනා කිරීම පිළිබඳ
මාධ්‍යවේදීන් සිය අප්‍රසාදය පළ කරයි.
නුවරඑළිය – ආර්.එෆ්.එම්.සුහෙල්

