මාලිමා මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියාට ඇප…

Shantha P

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමග ඇති වූ පහරදීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට පොලිස් කොස්තාපල්වරයාට ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නිය කර තිබේ.

රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇපයක් මත අදාළ පොලිස් කොස්තාපල්වරයාට ලබා දී ඇති බව වාර්තා වේ.

සාපරාධී බිය ගැන්වීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ අංශය අද (22) පොලිස් කොස්තාපල්වරයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණි.