පන්විල පොලිස් වසමේ හුළුඟඟ ප්‍රදේශයේ රන් ආභරණ වෙළෙඳසැලක් කොල්ලකෑම සඳහා පැමිණ ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක නවාතැන් ගෙන සිටි මංකොල්ල කල්ලියක තිදෙනෙක් අත්අඩංගුවට පත්ව තිබේ.
එම සැකකරුවන් මත්ද්‍රව්‍ය සහ කළු මුහුණු ආවරණ, ප්ලාස්ටින් අත් මංචු, මිටි, අඬු, සෙල්ලම් පිස්තෝල සහ මැගසින් සමඟ පන්විල පොලීසියේ ස්ථානාධිපතිවරයා ප්රමුඛ පොලිස් කණ්ඩායමක් විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසියට ලද රහසිගත තොරතුරක් මත අදාළ කල්ලිය අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් රක්වාන, දික්ඔය සහ බලංගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
ඔවුන් දිවයිනේ විවිධ අපරාධවලට සම්බන්ධ බවත් අධිකරණයේ නඩු සහ අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තු කිහිපයක් ඇති බවත් පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
සැකකරුවන් අවුරුදු 45 සහ 50 යන වයස්වල පසුවන අය වේ.
මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණ මත තෙල්දෙණිය කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික සමරපාල, සහකාර පොලිස් අධිකාරී ක්‍රිෂාන්ති ලොකුගේ යන නිලධාරින්ගේ මෙහෙය වීමෙන්, පන්විල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. රත්නායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මෙම කොල්ල කල්ලිය අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වති.

