ගල් පෙරළීයෑම හේතුවෙන් හල්දුම්මුල්ල පොලිස් වසමට අයත් මාලදොල පින්නලන්ද කොටසේ පවුල් හයකට අයත් සාමාජිකයින් එකොළොස් දෙනෙකු අද (20) උදෑසන එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.
හල්දුම්මුල්ල මාලාදොළ පින්නලන්ද ගම්මානයට ඉහළින් පිහිටි කඳු යායේ තිබූ විශාල ගලක් පහළට පෙරළීයාම නිසා මෙම පිරිස ඔවුන්ගේ නිවාසවලින් ඉවත් කිරීමට පියවර ගත් බව පොලීසිය පැවසීය.
පොලීසිය සඳහන් කළේ එම පිරිස මේ වනවිට ඥාතීන්ගේ නිවාසවල රැදී සිටින බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැමිණ නිරීක්ෂණය කරන තුරු සිය නිවාස වෙත නොඑන ලෙස උපදෙස් ලබා දුන් බවත් ය.

