sport (1)

ආසියාවේ කළු සිංහයා” ලෙස විරුදාවලිය ලත් ශ්රීලංකාවේ ලූෂන් පුෂ්පරාජ් පසුගිය 12/14 සිට 12/16 දින දක්වා තායිලන්තයේ “චියන්මායි ” හී දී රටවල් 52  ලෝකයේ මුල් පෙළේ ක්රීඩකයන් 600 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති 10 වන ලෝක කායවර්ධන ශූරතාවලියෙන් එම ශූරතාවය දිනා ගැනීමෙන් අනතුරුව යළිත් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්රී ලංකාවටපැමිණියේය.

කිලෝ ග්රෑම් 100  වැඩි බර පංතිය යටතේ තරග වැදුන ලූෂන් පුෂ්පරාජ් එහිදී එම සියලු ක්රීඩකයන් පරාජයට පත් කරමින් විශිෂ්ඨ ජයග්රහණයක් හිමි කරගෙන තිබුණි.

ශ්රී ලංකාවේ ක්රීඩකයෙකු විසින් මෙම ජයග්රහණයලබා ගත් ප්රථම අවස්තාව මෙය විය.

මෙම ජයග්රහණය වෙනුවෙන් ඔහු ලද කුසලාන සහ රන් පදක්කම් රැගෙන ඊයේ (18) දින රාත්රී 10.50  තායිලන්තයේ බැංකොක් සිට පැමිණි ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්-407 දරන ගුවන්යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

මෙම අවස්ථාවේ ඔහුව පිළිගැනීමට පුෂ්පරාජ් මහතාගේ ආදරණීය බිරිඳ , දරුවා , මව්පියන් , නෑදෑ හිතවතුන් , ශ්රී ලංකාවේ කායවර්ධන ක්රීඩකයන් , ශ්රී ලංකා කායවර්ධන ක්රිඩා සම්මේලන වලනිලධාරීන් මෙන්ම , ශ්රී ලංකාවේ ලෝක මෝටර් රථ ශූර ඩිලන්ත මාලගමුව මහතා  කටුනායක ගුවන් තොටුපළ ” සිල්ක් රූට් ” විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.