ලක්ෂපාන තේ කම්හලේ ගින්නක්….

News Iamges.00_00_00_00.Still767

නල්ලතන්නි පොලිස් වසමට අයත් ලක්ෂපාන තේ කම්හලේ හදිසියේ ගින්නක් හටගෙන ඇති බව නල්ලතන්නි පොලිසිය වාර්තා කරයි

2025.10.08 වන දින අලුයම 1.30 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසයි ,

කර්මාන්ත ශාලාවේ තිබූ සියලුම භාණ්ඩ පිළිස්සී ඇති අතර එහි ගබඩා කර තිබූ හරිත තේ කොළ සහ තේ කුඩු ද විශාල ප්‍රමාණයක් පිළිස්සී ඇති බව වාර්තා වේ.

මෙම ගිනි ගැනීමේ තත්ත්වය හේතුවෙන් මුළු ලක්ෂපාන ප්‍රදේශයේම විදුලිය විසන්ධි වී ඇත,

ගිනි ගැනීම සිද්ධිය සම්බන්ධයෙන් ලක්ෂපාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

නුවරඑළිය – ආර්.එෆ්.එම්.සුහෙල්