13 (3)
මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් අඩු කර තිබෙනවා.
මේ අනුව සියලුම වර්ගයේ පෙට්‍රල් සහ සියලුම වර්ගයේ ඩීසල් වල මිල ගණන් රුපියල් 5 කින් අඩු කිරීමට තීරණය කර ඇති බව අද දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසුවේය.
ඒ අනුව මේ දක්වා රුපියල් 145 කට අලෙවි කෙරුනු ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 140ක් සහ රුපියල් 172 කට අලෙවි  වූ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 167ක් වනු ඇති.
ඔටෝ ඩිසල් ලිටරයක මිල රුපියල් 116යේ සිට රුපියල් 111 ක් දක්වා සහ සුපර් ඩිසල් ලීටරයක මිල රුපියල් 141 සිට රුපියල් 136 දක්වා පහත දමා තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ දී පාර්ලිමේන්තුව තුළ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ, අද දිනයේ දී ඉන්ධන මිල පහත දැමීමට තීරණය කර ඇති බවයි.
මුදල් අමාත්‍යාංශය හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය අතර සිදු කල සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව ද ගාමිණී ලොකුගේ මහතා මෙහිදී කියා සිටියේය.