කලවාන මතුගම ප්‍රධාන මාර්ගයේ අම්බලමහේන ප්‍රදේශයේ අම්බලමහේන දොළෙහි තිබි නාදුනන මළසිරුරක් අද (12) සොයා ගත් බව පොලිසිය පැවසීය .
මළසිරුරේ පහල කොටස පෝර උරයක බහා තිබුණු බවත් මෙම පුද්ගලයා ඝාතනය කර මල සිරුර පෝර උරයක බාහා මෙම ස්ථානයට දින තුනකට පමණ පෙර ගෙනවිත් දමා ඇති බවට සැක කරන බව පොලිසිය පැවසිය. මියගිය පුද්ගලයා හදුනා ගැනිමට බැරි අයුරින් ඉදීමිමට ලක්ව ශරිරයේ පැහය වෙනස් වී ඇති බව පොලිසිය පැවසිය. පොලිසියට ලැබුණු නිර්නාමික දුරකතන ඇමතුමක් මත පොලිසිය මෙම සිරුර සොයා ගත් බව පොලිසිය පැවසිය.
සිද්ධිය සම්බන්ධයෙන් කලවාන වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංජිත් මහතාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව් සී ගුණතිලක , පොලිස් කොස්තාපල් (42035) අජිත්, ඇතුලු පොලිස් නිලධාරින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි
ගයාන් කුඩාගම – රත්නපුර

