දේශබන්දුගේ අපේක්ෂිත ඇප ඉල්ලීමට ලැබුණු නියෝගය

News Iamges.00_00_00_00.Still034

තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින්, ධුරයේ වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් නීතිඥ අජිත් පතිරණ මහතා කළ අපේක්ෂිත ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන අගෝස්තු 05 කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය නියෝග කළාය.

එදිනට විශේෂ පොලීස් විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය නොතිසි නිකුත් කර තිබේ.

අපේක්ෂිත ඇප ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් එදිනට ගොනුකරන ලෙසත් පොලිස් ස්ථානාධිපතිවරයාට මහේස්ත්‍රාත්වරිය නියෝගයක් කර ඇත.

අරගලය පැවැති අවස්ථාවේ දී ජනාධිපති ලේකම් කාර්යාලයට අදාළ නඩුවක් ගොනු කර ඇති බැවින් එම සිද්ධිය සම්බන්ධයෙන් තමන් අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව පවසමින් හිටපු පොලිස්පතිවරයාඅපේක්ෂිත ඇප ඉල්ලුමක් ඉදිරිපත් කළ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කළාය.