තෙබුවන, නාර්තුපාන පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවකට අයුතු ලෙස ඇතුල් වීමක් සම්බන්ධයෙන් එම කර්මාන්ත ශාලාවේ නිලධාරීන් විසින් තිබුවන පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත youth for change සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර අඩංගුවටගෙන පො ලිස් ඇප මත මුදාහරියි.
තෙබුවන පොලිස් වසමේ නාර්තුපාන පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවක් වෙත අයුතු ලෙස ඇතුල්වී රුපියල් 43000.00 පමණ අලාභයක් කළ බවට එම කර්මාන්තතා ශාලාවේ නිලධාරීන් විසින් තෙබුවන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව අද උදෑසන 10.00 පැමිණිල්ල විභාග කිරීම සඳහා පොලිසියට පැමිණෙන ලෙස ලහිරු වීරසේකර මහතාට පොලිසිය විසින් දන්වා තිබූ අතර අද(29) උදෑසන 11.00ට පමණ ඒ මහතා තෙබුවන පොලිසිය වෙත පැමිණ තිබූ අතර එහිදි ඒ මහතා අත්අඩංගුවට ගෙන ප්රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුවය පොලිස් ඇප මත මුදාහැර ඇත.
ගල්පාත චන්දන පෙරේරා

