බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ උපදෙස් මත මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි එම අමාත්‍යංශය නිවේදනය කළේ.
පසුගිය 04 වනදා පෙරවරුවේ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු ඇනුම් තුවාල සහිතව මිය යාමට අදාළව පොලිස් විමර්ශන සහ බන්ධනාගාරයේ අභ්‍යන්තර විමර්ශන සිදු කෙරෙමින් පවතින බවත් මෙවැනි සිද්ධීන් ඉදිරියේදී සිදු නොවීමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.
අදාළ නිවේදනය පහතින්.