අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවනු ලැබූ තීරු බදු හේතුවෙන් ඇති වන සාර්ව ආර්ථික බලපෑම පිළිබඳ තවමත් අධ්‍යයනය කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝජියේවා පවසනවා.
ගෝලීය වෙළෙඳාම සම්බන්ධයෙන් ඇතිවී තිබෙන උණුසුම සමනය කරමින්, අවිනිශ්චිතතාවය අවම කරන ලෙසට, අමෙරිකා එක්සත් ජනපදයෙන් සහ එහි සියලු වෙළෙඳ පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටින බවයි ප්‍රකාශයක් සිදුකරමින් ඇය සඳහන් කරන්නේ.
අමෙරිකානු තීරු බදු පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචනය මේ මස අවසානයේ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු වසන්ත රැස්වීමේදී නිකුත් කරන බවද ඇය පවසා සිටියා.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංශෝධිත වෙළඳ ප්‍රතිපත්තිය යටතේ එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට 44% ක තීරු බදු පැනවීම සිදුකර තිබෙනවා.

