බටලන්ද පිළිබඳව අනිද්දා රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

ranil-75-meet[1]

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනිද්දා (16) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් මෙම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) සභානායක බිමල් රත්නායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.