සතුන් දඩයම් කළ පුද්ගලයන් හයදෙනෙකු ගිනි අවි, පතරොම් සහ තවත් උපකරණ සමඟ පේරාදෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් ඊයේ (09) අළුයම සතුන් දඩයම් කිරීම සඳහා යහලතැන්න ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන, ඒ සම්බන්ධව පොලීසියට දැනුම් දී ඇති බවයි සඳහන් වෙන්නේ.
එම සැකකරුවන් හයදෙනා සමග ඔවුන් සන්තකයේ තිබූ බෝර 12 පතරොම් 03ක්, එම හිස් කොපු 03ක්, පොරවක්, අත් පොරවක්, ඩ්‍රැගන් ලයිට් 02ක් හා පිහියක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28-71 අතර වයස්වල පසුවන, මාවතගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය හා මාවතගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

