ශ්‍රී ලංකාව තුළ ඔට්ටු ඇල්ලීම සහ සූදු ආයතන ප්‍රමිතිකරණය කිරීම සඳහා නියාමන අධිකාරියක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
මෙහිදී සමාජ හානි අවම කිරීම, සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම හා ආර්ථික වර්ධනය කිරීම සඳහා පුළුල් හා පුර්ණ විෂය පථයක් සහිත ස්වාධීන නියාමන ආයතනයක් ලෙස සූදු ක්‍රීඩා නියාමනය කිරීමේ අධිකාරිය පිහිටුවීමට නියමිත බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.
ඒ සඳහා වූ පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට 2023-06-26 වැනි දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙන අතර, ඒ අනුව එම පනත් කෙටුම්පත් කිරීමේ කාර්යය අඛණ්ඩව කරගෙන යාම සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය අවශ්‍ය බව නීති කෙටුම්පත් සම්පාදක විසින් දැනුම් දී තිබෙනවා.
එකී පනත් කෙටුම්පත කඩිනමින් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
අදාළ කැබිනට් තීරණය පහතින්.


