පළාත් පාලන මැතිවරණය සඳහා මැතිවරණ කොමිසම විසින් කඩිනමින් දින නියම කරනු ඇති බවට විශ්වාසය පළකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
පළාත් පාලන මැතිවරණය ඉතා ඉක්මණින් පැවැත්වීම රජයේ ද අපේක්ෂාව බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධව මැතිවරණ කොමිසමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවත්, ඒ සඳහා අවශ්‍ය මුදල් ද රජය වෙන් කර ඇති බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

