තව ටික දවසකින් මාව අත්අඩංගුවට ගත්තත් පුදුම වෙන්න එපා – නාමල්

namal

පසුගිය ආණ්ඩුවලට චෝදනා නොකර, පාතාලය මර්දනය කිරීම සඳහා වත්මන් ආණ්ඩුව ක්‍රියාමාර්ග ගැනීම සුදුසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

තවත් දින කිහිපයක් යන විට තමාව අත්අඩංගුවට ගනු ලැබුවහොත් පුදුම නොවන ලෙසයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ අනුව, වත්මන් ආණ්ඩුව එය පිටින් දමා හෝ පවතින ගැටලුව යටපත් කිරීමට උත්සාහ කරන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

ආණ්ඩුවට ඉතුරු වී ඇත්තේ තමා අත්අඩංගුවට ගෙන, ඝාතන රැල්ල ජනතාවගේ මනසින් ඉවත් කර ගැනීම පමණක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.