කොටහේන ප්රදේශයේ ජංගම දුරකථන අලෙවි සැලක පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගත් සැකකරුවකු රඳවාගෙන ප්රශ්න කරන බව කොටහේන පොලීසිය කොළඹ මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
අදාළ සැකකරු කොටහේන පොලීසිය විසින් අද (24) අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී කොටහේන පොලීසියේ උප පොලිස් පරීක්ෂක අරවින්ද අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ, එම සැකකරු රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්රශ්න කරන බවයි.
වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරුවන්ට ගිනි අවිය ලබාදීම මෙම සැකකරු විසින් සිදු කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

