ජාතික උද්ධමනය සෘ​ණ 4.0% දක්වා පහළට

Inflation

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 ජනවාරි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සෘණ 4.0% ක් දක්වා තවදුරටත් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව 2025 ජනවාරි මාසයේ දී ආහාර උද්ධමනය සෘණ 1.0% සිට සෘණ 2.5% දක්වා පහළ ගොස් තිබෙන බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

ආහාර නොවන උද්ධමනය 2024 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සෘණ 2.9% සිට සෘණ 5.2% ක් දක්වා කැපී පෙනෙන ලෙස පහළ ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

67b85153aee48pdf_page_4