මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනා මත පොලීසියේ 17ක් සේවයෙන් ඉවත් කිරීමට පියවර

buddika

මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනා මත පසුගිය මාස හතරක කාලය තුළ පොලිස් නිලධාරීන් 17 දෙනෙකු සේවයෙන් පහ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. මනතුංග පවසනවා.

පොලීසිය තුළ මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයින් සම්බන්ධයෙන් බුද්ධි අංශ හරහා සහ විශේෂ කාර්යාංශය හරහා අධීක්ෂණයට ලක් කරන බවයි අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඒ අනුව එලෙස හඳුනාගත් ලැයිස්තුවක් පොලිස්පතිවරයා විසින් සියලුම කොට්ඨාස භාර නිලධාරීන් සහ ස්ථානාධිපතිවරුන් වෙත යොමු කිරීමක් සිදුකර, ඔවුන් වෛද්‍ය පරික්ෂණයට යොමුකර, ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමක් සිදුකර ඇති බවට අනාවරණය වන්නේ නම් ඉවත් කිරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.