අද (05) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත කඩා වැටීමක් වාර්තාවී තිබෙනවා.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 500.39 කින් පහළ ගොස් ඒකක 16,456.10 ක් ලෙසින් සටහන් වී ඇති බවයි සඳහන් වෙන්නේ.
එය 2022 අප්‍රේල් මස 26 වන දිනෙන් පසු මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් ඇතුළත කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය පහළ ගිය වැඩිම ඒකක ගණන ලෙසයි වාර්තා වෙන්නේ.
අද දිනයේ S&P SL20 මිල දර්ශකය ද ඒකක 167.18 කින් පහළ ගොස් ඒකක 4,898.04 ක් ලෙස සටහන් වූ අතර අද ගණුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 6.35 ක් වාර්තා වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.