වයස අවුරුදු 19 පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමඟ පැවති තරගයෙන් ලකුණු 12 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 99 ක් ලබාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 87 ක් පමණයි.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චමුදි ප්‍රබෝධා, ප්‍රමුදි මෙත්සරා, අසේනි කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වූ අතර ලිමන්සා තිලකරන්න එක් කඩුල්ලක්, උඩ පන්දුවක්, දුවද්දී දැවී යාමක් හා ලකුණු 6 ක් ලබා ගනිමින් තරගයේ වීරයා බවට පත්වුණා.
කෙසේ නමුත් සුපිරි හය වටයේ පළමු කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිවී තිබෙනවා.