විදුලි ගාස්තු සංශෝධනයට අදාල සිය අවසන් වාර්තාව එළඹෙන සිකුරාදා නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.
ඒ සඳහා මහජන අදහස් විමසීම ඉකුත් 10 වනදායින් අවසන් වු බවයි එම කොමිසම සඳහන් කළේ.
සෑම පළාතක්ම නියෝජනය වන පරිදි මහජන අදහස් ලබාගත් විමසීම සිදු කෙරුණු බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

