නිවසක් බිඳ මුදල් හා රන් භාණඩ කොල්ල කෑ සැකකරුවන් සිව් දෙනෙකු කන්තලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් විසින් රාත්රී කාලයේ නිවසක් බිඳ රුපියල් ලක්ෂ 62කට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සහ මුදල් රුපියල් 267,000/-ක් කොල්ලකා පලාගොස් තිබු බවයි පොලීසිය සඳහන් කළේ.
ඒ අනුව සිද්ධිය සම්බන්ධව කන්තලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර ඒ අනුව පසුගිය 11 වැනි දින සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන්ගෙන් සිදුකළ ප්රශ්න කිරීමේදී අනාවරණය කරගත් කරුණු මත ගම්පොල හා සාම්පුර් ප්රදේශයේදී තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
සැකකරුවන් සතුව තිබී කොල්ලකන ලද රන් භාණ්ඩවලින් කොටසක් සහ අපරාධය සිදුකර පලායාමට උපයෝගී කරගන්නා ලද මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

