ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

asiaii

ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (27) සමත් වුණා.

ඒ අනුව සිංගප්පූරුව සමඟ පැවති අවසන් තරගයේදී තියුණු සටනකින් පසු සිංගප්පූරුව හමුවේ ලකුණු 67 – 64ක් ලෙසින් ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා.

ශ්‍රී ලංකාව මෙවර ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා අපරාජිතව පැමිණ තිබුණා.