පාස්කු ප්‍රහාරය ගැන ගම්මන්පිල හෙළිදරව් කළ වාර්තාව ප්‍රතික්ෂේප කරනවා – සිරිල් ගාමිණී පියතුමා

siril-gamini-34

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති විශ්‍රාමික විනිසුරු ඒ.එම්.ජේ. ද අල්විස් වාර්තාව ප්‍රතික්ෂේප කරන බව ගරු සිරිල් ගාමිණී පියතුමා පවසනවා.

ඝාතන විමර්ශනයේ සාක්ෂි වසන් කිරීම හා විනාශ කිරීම පිළිබඳව අපරාධමය චෝදනා ලබා සිටින ප්‍රසන්න අල්විස්ගේ සොහොයුරිය වන ඒ.එම්.ජේ. ද අල්විස් මහත්මියව මෙම කමිටුවේ ප්‍රධානියා ලෙස පත් කිරීම හරහා ළබැඳියාවන් අතර ගැටුමක් මතුවන බවයි පියතුමන් සඳහන් කරන්නේ.

ඒ අනුව එවැන්නෙකු ප්‍රධානත්වය දැරූ කමිටුවක් විසින් ඉදිරිපත් කළ වාර්තාවක් අපක්ෂපාති සහ ස්වාධීන වාර්තාවක් ලෙස පිළිගැනීමට හැකියාවක් නොමැති බවයි සිරිල් ගාමිණී පියතුමා වැඩිදුරටත් සඳහන් කළේ.