ශ්‍රී ලංකාව නියෝජනය කළ Yevan David ට යුරෝ ෆෝමියුලා මෝටර් රථ ධාවන ජයග්‍රහණයක්

yevon-devid

ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ශූර Yevan David ඉතාලියේ පැවති යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ ධාවන තරගාවලියේ 8 වන අදියරේ ජය හිමිකර ගැනීමට සමත් වී තිබෙනවා.

යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ ධාවන තරගාවලියේ 8 වන අදියර ඉතාලියේ මොන්සා ධාවන පථයේ පසුගිය සෙනසුරාදා (19) පවත්වා තිබෙනවා.

Yevan David එම තරගයේදී නියෝජනය කළේ ජර්මනියේ මොටෝපාර්ක් කණ්ඩායම වන අතර, මොන්සා ධාවන පථයේ වට 16 ක් පැවති තරගය මිනිත්තු 30යි තත්පර 13කින් නිමකල ඔහු ෆෝමියුලා විවෘත මෝටර් රථ ධාවන තරගයේ 8 වන අදියර ජයගත්තා.