ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ ප්‍රශ්නවලට ලකුණු ලබාදීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

court-2

05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ බව කියන ප්‍රශ්න තුනක් සඳහා සම්පූර්ණ ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

බදුල්ල දිස්ත්‍රික්කයෙන් අදාළ විභාගය සඳහා පෙනී සිටි සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එහි වගඋත්තරකරුවන් ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා, අධ්‍යාපන ඇමතිනි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හා නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.