පොහොර සහනාධාරය ගොවීන්ගේ ගිණුම් වෙත බැර කෙරේ

pohora

දිස්ත්‍රික්ක 11 ක ගොවීන්ගේ ගිණුම් වෙත පොහොර සහනාධාරයට අදාළ මුදල් බැර කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

එක් ගොවියෙකු වෙනුවෙන් රුපියල් 15,000 ක මුදලක් බැර කර ඇති බවයි එහි ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ සඳහන් කළේ.

ඒ අනුව මිලියන 60 ක මුදලක් මේ වන විට බැර කර ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.