සිවිල් පුද්ගලයින්ට දුන් ගිනි අවි 50 ක් යළි ආරක්ෂක අමාත්‍යංශයට භාරදෙයි

shooting

සිවිල් පුද්ගලයින්ට ලබාදී ඇති ගිනි අවි සහ පතරොම් තාවකාලිකව රජයට ලබාදෙන ලෙස සිදුකළ දැනුම් දීමට අනුව ගිනි අවි 50 කට අධික සංඛ්‍යාවක් යළි ලබාදී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

ආරක්ෂක අමාත්‍යංශය මගින් ජීවිත ආරක්ෂාව සදහා ලබාදී ඇති සියලුම ගිනි අවි පිළිබඳව සමාලෝචනයක් සිදු කිරීමෙන් පසු නැවත ලබාදීමට යටත්ව තාවකාලික පදනම මත මෙම තීරණය ගෙන තිබුණා.

ඒ අනුව අදාළ ගිනි අවි සහ පතරොම් නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව වෙත නොවැම්බර් මස 07 වන දිනට පෙර භාරදෙන ලෙසයි සියලු බලපත්‍රලාභීන් වෙත ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දී තිබුණේ.