ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුවට සම්බන්ධ තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට CID යෙන් විමර්ශන

grade-5-scholarship-exam

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ඊට අදාළ විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂකවරයා ලබන 7 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.