මෙතෙක් නිකුත් වූ නිල ප්‍රතිඵල අනුව 52% ක් ලබාගනිමින් අනුර කුමාර දිසානායක ඉදිරියෙන්

Presidential-election

ජනාධිපතිවරණයේ මෙතෙක් නිකුත් කර ඇති නිල ඡන්ද ප්‍රතිඵල අනුව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක 52% ක ප්‍රතිශතයක් ලබාගනිමින් ඉදිරියෙන් සිටිනවා.

මේ වන විට දිස්ත්‍රික්ක 21ක නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල සහ ඡන්ද බල ප්‍රදේශ 13ක නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කර අවසන්.

මෙතෙක් නිකුත් වූ ප්‍රතිඵල අනුව සමස්ත ප්‍රතිඵලය පහතින්.

* අනුර කුමාර දිසානායක – 727,758 – 52.00%

* සජිත් ප්‍රේමදාස – 333,934 – 23.86%

* රනිල් වික්‍රමසිංහ – 235,673 – 16.84%

* නාමල් රාජපක්ෂ – 41,104 – 2.94%

සියලු නිල ඡන්ද ප්‍රතිඵල ඔබට නිකුත් වූ සැණින් හෙළකුරු ජනවරම ඩිජිටල් මැතිවරණ විකාශය ඔස්සේ දැනගැනීමේ හැකියාව පවතිනවා.